Saturday, May 26, 2018

menna lankave wada

න්තර්ජාල ඇමතුම් මගින් ඉතාලියේ සිටියදී හඳුනාගත් මෙරට පෙම්වතිය හමුවීමට පැමිණ පැය කිහිපයකින් පෙම අවසන් කර ඇයට ලබාදුන් ඇඳුම් ආයිත්තම් ඇතුළු සියලුම දෑ පොලිස් ස්ථානය තුළදීම ගලවාගෙන අවුල ලිහා ගත් පෙම්වතෙකු පිළිබද පුවතක් අනුරාධපුර මූලස්ථාන පොලීසියෙන් වාර්තා වෙයි.
මෙම සිදුවීමට මුහුණ දුන් පෙම්වතා
වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙම්වතිය අනුරාධපුර නගර ආසන්නයේ තාවකාලිකව පදිංචි වී සිටින කොළඹ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි. අන්තර්ජාල ඇමතුම් හරහා මීට මාස කිහිපයකට පමණ ඉහතදී එම කාන්තාව හා තරුණයා අතර
පෙම් පලහිලව්වක් ගොඩනැගී ඇති බවත් තරුණ කාන්තාව ඉතාලි පෙම්වතාගේ මව හමුවීමට වත්තල පිහිටි නිවසට මීට පෙර ගොස් ඇති බවත් පොලීසිය පවසයි. ඇය වත්තල පිහිටි ඉතාලියේ සිටි තරුණයාගේ නිවසට ගිය පසුව ඔහුගේ මව ඇයගේ සංකර හැසිරීම් රටාව පිළිබඳව අධ්‍යයනය කර පුතා අමතා විලිබියක් නැති එම සංකර තරුණිය සමග ඇති සම්බන්ධය වහාම නතර කරන ලෙස දන්වා ඇත.


එහෙත් තරුණයා මවගේ බසට අවනත නොවෙමින් දිගින් දිගටම පෙම් සබඳතාව පවත්වාගෙන ගොස් තිබේ. මීට දින කිහිපයකට ඉහතදී තරුණයා ලංකාවට පැමිණ ඇති අතර පෙම්වතිය හමුවීම සඳහා මව සමග අනුරාධපුරයට පැමිණ තිබේ.එසේ කුලී පදනමට ලබාගත් මෝටර් රථයකින් පැමිණි තරුණයා තරුණියගේ අනුදැනුමින් මුදල් ගෙවා නිවාඩු නිකේතනයේ කාමරයක් ලබාගෙන ඇය හා මව සමගින් විවේකීව ඉඳ අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය වන්දනා කිරීමට ගොස් තිබේ.

පෙම්වතාට හා මවට අටමස්ථානය වැඳ පුදාගෙන පැමිණෙන ලෙස පවසා ඇය මෝටර් රථයේ නතරවී මීට පෙර ඇසුරු කළ කඩවසම් තරුණයෙකු එහි ගෙන්වා එම මෝටර් රථය තුළදී සිය ඔය කඩවසම් තරුණයා කාන්තාවගේ කලවා ප්‍රදේශය සම්බාහනය කරමින් සිටියදී හදිසියේ මව හා පෙම්වතා එහි පැමිණ ඇති අතර ඉන් පීඩාවට පත්වු තරුණයා ඇගෙන් ඒ පිළිබදව අසා තිබේ.


එවිට ඇය එම තරුණයාට කියා සම්බාහනයක් සිදුකර ගත් බව ඔවුන්ට පවසා තිබේ.ඉන් කෝපයට පත් වූ තරුණයා ඇයට පහර කීපයක් ගසා රථයෙන් ඇද දමා අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණ සියභාණ්ඩ කිහිපයක් පෙම්වතිය සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉතාලි තරුණයාගේ අන්තර්ජාල පෙම්වතිය සොයාගත් පොලීසිය ඇයව පොලිස් ස්ථානයට කැඳවා ඇත. ඇය සම්බාහනය සිදුකළ තරුණයාද සමගින් පොලිස් ස්ථානයට පැමිණ ඉතාලි තරුණයාගේ කිසිදු භාණ්ඩයක් සොරකම් නොකළ බවත් බොරු පැමිණිලි ඉදිරිපත් කර තමන්ට අමානුෂිකව පහරදුන් බවද කියමින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඇය තරුණයාට පවසා තිබේ.

පසුව රුපියල් දසදහසක් පමණ වැයකර ලබාදුන් ඇඳුම් ආයිත්තම් සියල්ල ගලවා දෙන ලෙස ඇයට පවසන මෙන් තරුණයා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.ඒ අනුව ඇය ඔහුගෙන් ලබාගත් ඇඳුම් ආයිත්තම් පොලීසියේදීම ගලවාදී පැමිණිල්ල සමථයකට පත්කරගෙන තිබුණි. අන්තර්ජාල තාක්ෂණයෙන් හඳුනාගත් පෙම්වතිය හමුවීමට පැමිණ දුකසේ උපයාගත් රුපියල් පනස් දහසක් පමණ නිකරුණේ නාස්ති වූ බවත් අවසානයේ පොලීසියේ රස්තියාදු වීමට සිදු වූ බවත් පවසමින් තරුණයා පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් තිබේ. තරුණිය පොලිස් ස්ථානයට රැගෙන ඒමත් සමග ඇය සමග සමීප සබඳතා පවන්වන තරුණයින් විශාල පිරිසක්ද ඇය වෙනුවෙන් පෙනී සිටීමට පොලිස් ස්ථානයට පැමිණි බව පොලිස් නිලධාරීයෙක් පැවැසුවේය. 

marai

https://youtu.be/tGFyTOvewWw

khomada kollage wada


<a href="https://publishers.propellerads.com/#/pub/auth/signUp?refId=TCgO"><img src="http://promo.propellerads.com/300x250_01.jpg" alt="PropellerAds"></a>

gosship lanka eken gatte


26
මේ දිනවල අන්තර්ජාලය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන ශ්‍රව්‍ය මායාවක් (auditory illusion) ලෙස එක්තරා වචනයක ඕඩියෝවක් යැනී හෝ ලෝරල් ලෙස දෙවිදිහකට ඇසීමේ සංසිද්ධිය ප්‍රසිද්ධවී තිබේ. මෙම වචනය උච්චාරණය කරන ලද හඬ පටය පරිගණකයක හෝ වෙනයම් යන්ත්‍රයක වාදනය කිරීමේදී
එකවර ඒ ආසන්නයේ සිටින දෙදෙනෙකුට දෙවිදිහකට ඇසෙන්නට ඉඩ තිබෙන අතර එකම වචනයක් දෙදෙනෙකුට හාත්පසින්ම වෙනස් දෙවිදිහකින් ඇසෙනුයේ ඇයිද යන්න ගැටලුකාරී වී ඇත. ඇතැම් විට  එකම අයෙකුට වුවත් උදේට ඇසෙන්නේ යැනී ලෙස වුවත් රාත්‍රියට එයම ලෝරල් ලෙස ඇසෙන්නට හැකිය.


මෙම සංසිද්ධිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධවී යාමත් සමග ට්විටර් මාධ්‍යය තුළ පාඨක සමීක්ෂණයක් සිදුවූ අතර එහිදී ලක්ෂ 5 ක් එය අසා සියයට 53 ක් ලෝරල් ලෙස ඇසෙන බවටත් සියයට 47 ක් යැනී ලෙස ඇසෙන බවටත් දන්වන ලදි.
ශ්‍රව්‍ය විද්‍යා මහාචාර්ය බෙන්ජමින් මන්සන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් "යැනී" වැඩි සංඛ්‍යාතවලින් ශබ්දය ඇසෙන අයටත් "ලෝරල්" පහළ සංඛ්‍යාතයෙන් ශබ්දය ඇසෙන අයටත් ඇසෙන බව දක්වයි. ඒ අනුව තරුණ කොටස් වලට යැනී ලෙස ඇසීමට හා වැඩිහිටි අයට ලෝරල් ලෙස ඇසීමේ සම්භාවිතාව වැඩිවන නමුත් ඒ ඒ  අයගේද ඉන්ද්‍රීය සංවේදීතාවයේ වෙනස මතද යැනී නැතිනම් ලෝරල් ලෙස ඇසෙන්නට ඉඩ ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කළ ශබ්ද පරීක්ෂණ අනුව 20% කින් ස්වර අගයයන් ඉහළ පහළ දැමීමේදී මුලින් ඇසෙන වචනය වෙනුවට අනෙක් වචනය ඇසෙනුද වාර්තා කර තිබේ.
මින් කලකට ඉහත කාන්තා ගවුමක පැහැය විවිධ අයට වෙනස් ආකාරයක පෙනීම සම්බන්ධයෙන් ඇතිවුණ ආන්දෝලනයට සමාන අන්තර්ජාල පිබිදීමක් යැනීද ලෝරල්ද? යන සංසිද්ධිය ගැනද මේ වනවිට පැතිර තිබේ.

මෙම වචනය පිළිබඳ හාහෝව මුලින්ම ඇතිවූයේ 15 හැවිරිදි සිසුවෙකු ඉන්ස්ටග්‍රෑම් තුළ දැමූ පෝස්ටුවක් නිසාය.
Laurel නමැති ‘ජයග්‍රහණයේ පළඳනාව‘ අරුත ඇති වචනය ගැන ඔහු සොයා බලද්දී එම වචනය උච්චාරණය කරන පිටුවේ ඇසෙන්නේ මුළුමණින් වෙනස් වචනයක් වීම ගැටලු සහගත බවත් තමාට එය ඇසෙන්නේ Yanny ලෙස බවත් සිසුවා දන්වා තිබේ.
 එම වචනය කියවන හරිම විදිහ ගැන සංවාදය බිහිවූයේ ඒ අයුරිනි.


පසුව එය යූටියුබ් රෙඩිට් හා ට්විටර් තුළ හරි කෝකදැයි විමසමින් එක් එක් අය පෝස්ටු දමමින් පැතිරිණි.

සිසුවා සොයාබැලූ වචනය උච්චාරණය කර පළව තිබෙන්නේ Vocabulary.com නමැති වෙබ් අඩවියේය. Jay Aubrey Jones නමැති ඔපෙරා ශිල්පියෙකුගේ හඬ එහිදී ඇසේ. එම වෙබ් අඩවිය ලක්ෂ දෙකක් පමණ ඉංග්‍රීසි වචන උච්චාරණය කර අන්තර්ජාලයට යොමුකර තිබෙන්නේ අධ්‍යයන කටයුතු කරන අයගේ පහසුවටයි.‍

Yanny or Laurel අන්තර්ජාල මත විමසුම ගැන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අදහසක් පළ කර ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ "I hear covfefe" ලෙස විහිළුවකි. (ඒ ඊට පෙර වසරේ ඔහුට ඈඳණු වෙනත් සිද්ධියකට අදාළ වචනයකි.)
කෙසේ වෙතත් බොහෝ අය දැන් තම පරිගණක තුළ මෙම වචනය එක් එක් අයට අසන්න සලස්වා එහි අරුමය විමසමින් සිටී.
පහත පළවන්නේ අදාළ හඬ කොටසයි.

ඔන්ලයින් කාලගුණය දැනගන්න හොඳම ක්‍රමය.

මේ දවස්වල ඇදහැලෙන අදික වර්ෂාව හේතුවෙන් දිවයිනේ කාලගුණික තත්වය අයහපත් වී තිබෙනවා. කාගේත් එදිනෙදා වැඩ කටයුතු වලට මේක ලොකු බාධාවක්.


ඉතින් කාලගුණික තත්වය කලින්ම දැන සිටීමෙන් තමන්ගේ වැඩ කටයුතු සැලස්මකින් යුතුව සිදු කිරීමට පුළුවන්. අපි මේ හදුන්වාදෙන වෙබ් අඩවිය මගින් ඔබට ඕනෑම වෙලාවක කාලගුණික තත්වය බලන්න පුළුවන්. අද දවසේ කාලගුණය, හෙට දිනයේ, ඉදිරි දින කිහිපයේ, ඉදිරි සතියේ හෝ මාසයේ කාලගුණය මේ මගින් නිවැරදිව අපට පෙන්වනවා.

වෙබ් අඩවි ලිපිනය : www.windy.com

ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් උපාංග සඳහා මෙතනින් ද, ඇපල් අයිෆෝන් සඳහාමෙතනින්ද ඇප් එක බාගන්න.